rom එකක් සැදී ඇත්තේ විවිද වැඩ සටහන් එකක් වීමෙනි.
1. Kernel
2. Libraries (and modules)
3. Bootloader
4. Recovery
5. Radio / Baseband / Modem
1. Kernel
උපාංගයේ hardware සහ os එක අතර සම්බන්දතාවය ඇති කරන්නේ kernel එක මගිනුයි.andriod os එකේ kernel එක පදනම් වෙලා තියෙන්නේ linux kernel එක මතයි.custom rom වගේම custom kernel වර්ගත් ගොඩක් තියෙනවා.custom kernel දාපුවාම processor එකේ කාර්යක්ෂමතාව වේගය වැඩි කරගන්න,බැටරිය
බැස යාම අඩු කරගන්න පුළුවන්.arter kernel වගේ kernel වලින් android version දෙකක් run කරගන්න (dual boot) එහෙමත් පුළුවන්..
2.Libraries (and modules)
library එකක් කියන්නේ විවිද codes,files ගොඩක එකතුවක්.ඒ කියන්නේ දුරකතනයේ camera එකට අදාල library එක හැදිලා තියෙන්නේ camera එක වැඩ කරන්න ඕනේ codes,flasher එකට අදාල codes,camera sound files වගේ codes,files වලින්.මේවා කලින්ම code කරලා තියෙන්නේ.වෙනස් කරන්න code කරන්න දෙයක් නැහැ.කෙලින්ම rom එකට add කරන්න විතරයි තියෙන්නේ.
3. Bootloader
සාමන්යෙන් පරිගනකයක මෙන්ම boot වැඩසටහනක් android උපාංග වලද ඇත.මෙය bootloader යනුවෙන් හැදින්වේ.ෆෝන් එක on කිරීමේදී මුලින්ම run වන්නේ radio bootloader එකයි.ඉන්පසු bootloader එක විසින් දුරකතනයේ hardware කොටස් සියල්ල නිසි පරිදි වැඩ කරනවාද බලා මෙහෙයුම් පද්දතිය RAM එකට load කරයි.bootloader දුරකථන model එකෙන් එකට වෙනස් වේ.ඒ කියන්නේ එක processor එකකට ලියපු bootloader එකක් අනිත් processor එක්ක වැඩ කරන්නේ නැහැ.ඒ නිසා තමයි විවිද ෆෝන් model වලට වෙන් උන rom තියෙන්නේ.
Android opensource නිසා ෆෝන් වලට වෙනත් වෙනත් custom roms දාන්න පුළුවන් නිසා සමහර දුරකථන නිෂ්පාදකයින් තමන්ගේ දුරකථන වල වෙනත් roms,android versions run කරන එක නවත්තන්න bootloader එක lock කරලා එවනවා.bootloader එක lockකරපුවාම ෆෝන් එක root කරන්න බැහැ.root කරන්න නම් මුලින්ම bootloader එක unlock කරන්න ඕනේ.root කරනවා කියන්නේ මොකද්ද කියලා මෙතනින් දැනගන්න
4. Recovery
Recovery කියන්නේ දුරකතනයේ os එකෙන් වෙන්වුන තනිව වැඩ කරන කුඩා වැඩසටහනක්.මේකට සෘජුවම දුරකතනයේ hardware සමග ගනුදෙනු කල හැකියි.හරියටම මේක පරිගණකය BIOS වැඩසටහන වගෙයි.සෑම stock rom එකකම stock recovery එකක් තියෙනවා.ඒකෙන් ෆෝන් එකේ data wipe කරන්න,settings reset කරන්න,updates install කරන්න පුළුවන්.
- Data wipe කිරීම
wipe කිරීම යනු සියලු දත්ත මකා දැමීමයි.recovery වැඩසටහනේදී දුරකතනයේ internal memory එකෙහි data wipe කිරීමට,cache memory එකෙහි ඇති data wipe කිරීමට,dalvik cache memory එකෙහි ඇති data wipe කිරීමට පහසුකම් දී තිබෙනවා.
- Cache යනු ෆෝන් එකේ cache memory එකයි.ඒ කියන්නේ RAM එකෙන් ලබාගන්න දත්ත processor එකට යවන තෙක් හා processor එකෙන් සැකසු දත්ත RAM එකට යවන තෙක් රදවා ගන්නා memory එකයි.බොහෝවිට මෙය පිහිටන්නේ processor එක තුලමයි.processor එකට නිතර අවශ්‍ය වන දත්ත සෑම විටම RAM එකෙන් ලබා නොගෙන එක් වරක් ගත්පසු මෙහි රදවාගන්න නිසා processor එකේ වේගය වැඩි වේ.
- Dalvik cache යනු Dalvik වැඩසටහනේ cache මතකයයි
rom,kernel වගේම custom recovery වැඩසටහනුත් තියෙනවා.මේවායින් stock recovery වලින් කරන කාර්යයන් සහ ඊට අමතරව දුරකථනය backup කිරීම සහ custom rom ස්ථාපනය කිරීම කල හැකියි.
custom recovery වැඩසටහන මගින් ෆෝන් එකේ මෙහෙයුම් පද්ධතිය (සියලුම දත්ත ඇතුළුව)
සම්පූර්ණයෙන්ම SD කාඩ් එකට හො ෆෝන් එකේ externel memory එකට backup කල හැක. මෙය Nandroid backup
නමින් හඳුන්වයි.ඕනෑමවෙලාවක මෙම backup එක restore කිරීම මගින් os එක නැවත තිබුනු තත්වෙටම ගන්න පුළුවන්
එහෙත් custom recovery දැමීමට කලින් දුරකතනයේ bootloader එක unlock කර root කිරීම කර තිබිය යුතු වෙනවා.දැනට තියෙන හොදම recovery වැඩසටහන් වන්නේ ClockWork Mod සහ philz touch recovery වැඩසටහනයි.
5. Radio / Baseband / Modem
rom එක තුල ඇති කුඩාම කොටස radio එකයි.ෆෝන් එක on වෙද්දීම run වෙන්නේ radio එකයි.මෙයින් GPS antenna, GSM antenna හසුරවනවා.ඒ වගේම CPU එක පන ගැන්වීම හා bootloader එකට os එක RAM එකට load කිරීමට අවශ්‍ය සියලු දේ කරන්නේ මේ මගිනුයි.custom rom , kernel , recovery වගේම radio එකත් flash(ස්ථාපනය) කරන්න පුළුවන්.ඒත් නොකරනවානම් තමයි වඩාත් හොදම.අලුතෙන් rom , kernel , recovery එකක් flash කළා කියලා ෆෝන් එක brick වෙන්නේ නැහැ(හරියට කලොත්).එත් radio එක flash කලාම ෆෝන් එක brick වෙන්න තියෙන ඉඩ වැඩියි.brick නොවුනත් signal ප්‍රශ්න,බැටරිය බැසයාම වැඩිවීම,IMEI නැති වී යාම වගේ දේවල් වෙන්න තියෙන ඉඩ වැඩියි
6. Apps, framework, core, android-runtime, etc…
ෆෝන් එකට අවශ්‍ය විවිද apps විවිද frameworks හා වෙනත් කුඩා කුඩා දේවල්ද rom එකක් තුල ඇතුලත් වෙනවා.andriod apps තියෙන්නේ apk කියන file type එකෙන් (.apk extention එකෙන්).rom එක තුල google ලා විසින් සෑම android දුරකතනයකටම ලබාදෙන ඔවුන්ගේ apps එනම් google apps(g apps) වගේම දුරකථන සමාගම විසින් ලබාදෙනේ apps සහ වෙනත් apps ඇතුලත් වෙනවා.

ගොඩක් ස්තුතියි සහෝ....
ReplyDelete