
දුරකථනයක් දුරකථන නිෂ්පාදකයා වෙළදපලට එවද්දී මෙහෙයුම් පද්දතියට යම් යම් සීමාවල් පනවලයි.මේක කරන්නේ දුරකතනයේ ආරක්ෂාවටයි.ඒ කිව්වේ ෆෝන් එක පාවිච්චි කරන කෙනා අතින් වැරදි දෙයක් වෙලා ෆෝන් එක භාවිතා කල නොහැකි තත්වයට පත් වීමෙන් වලක්වා ගන්නයි.ඒ වගේම එයාල දුරකතනයට දීල තියෙන මෙහෙයුම් පද්ධතිය,apps වෙනස් කරන එකෙන් වලක්වා ගන්නයි.root කරන එකෙන් කරන්නේ දුරකතනයේ සීමාවන් අයින් කරලා සියලුම බලතල දුරකථනය පාවිච්චි කරන අයට ලබාදීමයි
Root කිරීමේ වාසි..
- දුරකතනයේ stockrom එකෙහි ඇති තමන්ට අනවශ්‍ය කරදරකාරී හා වැඩි මතකයක් පාවිච්චි කරන apps ඉවත් කරගන්න පුළුවන්
- ගොඩක් වැදගත් apps වලට root access ඉල්ලනවා.ඒ වගේ apps දාගන්න පුළුවන්
- Custom Rom / Custom Kernel / Custom Recovery දුරකතනයට දාන්න නම් දුරකථනය root කරලා තියෙන්න ඕනේ
- දුරකතනයේ ප්‍රොසෙසරයේ වේගය පාලනය කළහැකි වීම(Underclock , Overclock)
- බැටරි කාලය වැඩි කරගැනීමට හැකි වීම
Root කිරීමේ අවාසි..
- දුරකතනේ වගකීම අවලංගු වෙනවා
- රූට් කිරීම අතරතුර brick වීමේ පොඩි අවදානමක් තියෙනවා(Brick වෙනවා කියන්නේ වචනයේ තෙරුමෙන්ම ගලක් බවට පත්වීමයි.ඒ කියන්නේ වැඩකරන්නේ නැති බවට පත් වෙනවා)
- වෛරස් වලට ගොදුරු වීමේ පොඩි අවදානමක් තියෙනවා
0 comments:
Post a Comment
Leave a comment...