Showing posts with label Recovery. Show all posts
Showing posts with label Recovery. Show all posts

Sunday, May 17, 2015

samsung දුරකථන වලට Custom Recovery දාමු 02 - Philz Touch Recovery


දැන් බලමු philz touch දාන විදිහ..මුලින්ම ClockworkMod Recovery දාන් ඉන්න ඕනේ.

මුලින්ම root කරන් ඉන්න.මෙතනින් බලන්න...

ClockworkMod Recovery දාන විදිය මෙතනින් බලන්න

මුලින්ම ඔයාගේ ෆෝන් මොඩෙල් ඒකට අදාළ  philz touch zip එක හොයාගන්න.google search කරන්න

ඊට පස්සේ ඒ zip file එක ඔයාලගේ external storage එකට හරි චිප් එකට හරි copy කරගන්න

දැන් ClockworkMod Recovery වලට ෆෝන් එක boot කරගන්න

phone එක Turn offකරන්න
දැන් power+home+volume down button තුනම එක පාර ඔබන් ඉන්න.


දැන් samsung logo එක වැටෙනකොට අත් අරින්න.


දැන් install from sdcard කියන option එක තෝරන්න..

දැන් අර zip file එක තෝරලා දෙන්න..

ඊට පස්සේ install වෙනකන් ඉන්න.ඊට පස්සේ reboot now තෝරන්න...

off උනාම ආයේ recovery mod එකට boot කරන්න...දැන් හරි...


samsung දුරකථන වලට Custom Recovery දාමු 01 - ClockworkMod Recovery



ClockworkMod Recovery කියන්නේ android ෆෝන් වලට තියෙන හොදම Recovery වැඩසටහනක්...අනික තමයි Philz Touch Recovery..ඒක දාන විදියත් මේ පොස්ට් එකේ පහලම තියෙනවා..ClockworkMod Recovery වලත් touch හා non-touch version දෙකම තියෙනවා.Touch එක ලේසියි..Recovery , Rom ෆ්ලෑෂ් කරන්න විදි දෙකක් තියෙනවානේ.
1.odin වගේ ෆ්ලෑෂ්ටූල් එකක් පාවිච්චි කරලා - මේකට අපිට ෆ්ලෑෂ් කරන්න ඕනේ rom එකේ හෝ recovery එකේ tar එහෙම නැත්තන් md5 file එක ඕනේ
2.Recovery එක මගින් ෆ්ලෑෂ් කරන්න - මේකට නම් අපිට ෆ්ලෑෂ් කරන්න ඕනේ rom එකේ හෝ recovery එකේ flashable විදියට හදපු zip file එකක් ඕනේ.

කොයි විදියට ෆ්ලෑෂ් කලත් තමන්ගේ ෆෝන් මොඩෙල් ඒකට ගැලපෙන file එකක් හොයා ගන්න වග බලාගන්න ඕනේ....

මුලින්ම root කරන් ඉන්න.මෙතනින් බලන්න...

මුලින්ම ඔයාගේ ෆෝන් මොඩෙල් ඒකට අදාළ ClockworkMod Recovery tar file එක google එකෙන් හොයා ගන්න
S3 තියෙන අය මෙතනින් ගන්න...

odin නැත්තන් මෙතනින් ගන්න

මුලින්ම samsung usb drivers install කරන්න

දැන් odin run කරන්න(administrator විදියට)

දැන් ෆෝන් එක download mode දාල usb connect කරන්න.odin වල added කියල වැටෙනවා නම් ඉස්සරහට යන්න පුළුවන්.download mode දාගන්නේ මෙහෙමයි.

phone එක Turn offකරන්න
දැන් power+home+volume down button තුනම එක පාර ඔබන් ඉන්න.

මේ වගේ screen එකක් ආපුවාම volume up button එක ඔබන්න

දැන් androd බට්ටා වැටෙයි ඔය වගේ..දැන් තමා connect කරන්න ඕනේ usb
දැන් odin වලින්  added වැටුනම.PDA විදියට(අලුත් එකේ නම් AP විදයට)ClockworkMod Recovery file එක( tar file එක ) තෝරන්න



දැන් odin වල leave cs වැටෙනකන් ඉන්න.


දැන් auto reboot සහ F.reset time කියන දෙකtick කරන්න.(default tick වෙලා තියේවි).
re-partition tick කරන්න එපා.tick වෙලානම් අයින් කරන්න
දැන් start දෙන්න.phone එකට ClockworkMod Recovery install වෙලා reboot වේවි.odin වල pass කියල වැටෙනකන් ඉන්න..


දැන් වැඩේ ඉවරයි.දැන් phone ඒක Recovery Mod එකට boot කරගන්න ඕනේ..

phone එක Turn offකරන්න
දැන් power+home+volume down button තුනම එක පාර ඔබන් ඉන්න.


දැන් samsung logo එක වැටෙනකොට අත් අරින්න

ඊට පස්සේ recovery mod එක ඒවි.මෙන්න මේ වගේ


වැඩේ හරි...ඊළගට බලමු philz touch දාන විදිය.philz touch මේකට වඩා හොදයි.ඒ නිසා ඒක දාගන්න.ඒත් ඒක දාන්න නම් මේක දාන්න ඕනේ මුලින්...