Tuesday, May 19, 2015

ඔයාගේ java prgramme එකට MySQL database එකක් connect කරගන්න...


JDBC Technology කියන්නේ java වල තියෙන API එකක්. මේක Java SE වල වගේම Java EE වලත් තියෙනවා.මේ API එක පාවිච්චි කරන්නේ Database  connection හදාගැනීමටයි.අද මම කියල දෙන්නේ මේ API එකේ JDBC driver classes පාවිච්චි කරලා MySQL database එකකට connection එකක් හදාගන්න class එකක් ලියාගැනීම ,  සහ ජාවා programme එකක් සමග ඒ class එක වැඩකරවීම ගැනයි

මේ වැඩේට අපිට mysql-connector jar file එක ඕනේ වෙනවා..ඒක මෙතනින් ගන්න

මුලින්ම class එක හදාගමු.නිල් පාටින් code එකත් අනිත් පාට වලින් ඒ ඒ line එකෙන් වෙන දේත් දාල තියෙන්නේ

public class JDBC {
    String driver = "com.mysql.jdbc.Driver";  

//connector jar file එකේ Driver classes එක තියෙන path එක driver කියල string එකක් හදල එකට assign කරගන්නවා

    String url = "jdbc:mysql://localhost:3307/test"; 

//database එකට අදාළ path එක url කියල string එකක් හදල එකට assign කරගන්නවා
localhost කියන්නේ  sql server එක දුවන host එක.3307 කියන්නේ port එක.test කියල තියෙන්නේ database එකේ නම


    Connection getConnection() throws Exception { 

// getConnection() කියල method එකක් හදනවා.Connection එකක් return කරන.( return value එක Connection දාල තියෙන්නේ මුලම )

        Class.forName(driver); 

//class කියන class එකේ forname කියන method එකට අර උඩින් හැදුව driver string එක ඒ කියන්නේ Driver class එක තියෙන path එක pass කරනවා.මේ  forname,class කියන ඒවා connector jar file එක ඇතුලේ දැනටමත් හදල තියෙන දේවල්

        Connection con = DriverManager.getConnection(url, "root", "123");

DriverManager කියන class එකේ getConnection කියන method එකට  අර උඩින් හැදුව url string එක,username එක හා password එක දීල තයෙනවා.මේ ටික දුන්නම මේ method එකෙන් Connection එකක් return වෙනවා.ඒක con කියල reference එකකින් අල්ලලා තියෙනවා.

        return con;      //අර අල්ලගත්තු Connection එක  return කරනවා
    }

    public void putData(String sql) {

//putdata කියල public ඒ කියන්නේ ඕනේ තැනක ඉදන් access කරන්න පුළුවන් method එකක් හදා ගන්නවා string parameter එකක් එක්ක.මේකෙන් වැඩගන්න නම්  string එකක් pass කරන්න ඕනේ.එතෙන්ට pass කරන්නේ query එක 

        try {     //try catch එකක් දාගන්නවා

            Statement state = getConnection().createStatement();

//state කියලා statement එකක් හදලා එකෙන් getConnection කියන method එකේ  createStatement කියන method එක පාවිච්චි කරලා හදපු statement object එක අල්ලගන්නවා

            state.executeUpdate(sql);

//ඒ statement object එකේ executeUpdate කියන method එකට sql කියන string එක pass කරලා තියෙනවා.මේ executeUpdate method එකෙන් තමා query එක execute කරන්නේ

        } catch (Exception ex) {
        }

    }

    public ResultSet getData(String sql) throws Exception {

//getdata කියල public ඒ කියන්නේ ඕනේ තැනක ඉදන් access කරන්න පුළුවන් method එකක් හදා ගන්නවා string parameter එකක් එක්ක.මේකෙන් වැඩගන්න නම්  string එකක් pass කරන්න ඕනේ.එතෙන්ට pass කරන්නේ query එක .මේකේ return value එකක් දාල තියෙනවා.resultset එකක්.මේ method ඒක run කරාම query එකට අදාළ results return වෙනවා

        Statement state = getConnection().createStatement();

//state කියලා statement එකක් හදලා එකෙන් getConnection කියන method එකේ  createStatement කියන method එක පාවිච්චි කරලා හදපු statement object එක අල්ලගන්නවා

        ResultSet rset = state.executeQuery(sql);

//ඒ statement object එකේ executeUpdate කියන method එකට sql කියන string එක pass කරලා තියෙනවා.මේ executeUpdate method එකෙන් තමා query එක execute කරන්නේ.මේකෙන් එන results rset කියල හදපු reference එකකින් අල්ලගන්නවා

        return rset;         //rset එකේ value return කරනවා
    }
}

මේ විදිහේ class එකක් හදල database ඒක මෙහෙයවන්න සිංහලෙන් කියනවනම් manipulate කරගන්න ලියපු class එකේ ප්‍රධාන පියවර ටික එන්නේ මෙහෙමයි

මුලින්ම JDBC driver classes අපි ලියන class එකට load කරගෙන සහ ඒවා අපිට අවශ්‍ය database එකට  register කරන් තියෙනවා

String driver = "com.mysql.jdbc.Driver";String url = "jdbc:mysql://localhost:3307/test";

ඊළගට connection object එකක් හදල database server එකට ඇති connection එක අල්ලන් තියෙනවා

Connection getConnection() throws Exception {
        Class.forName(driver);
        Connection con = DriverManager.getConnection(url, "root", "123");
        return con;
    }

ඊළගට Statement objects හදාගෙන තියෙනවා

Statement state = getConnection().createStatement();

ඊළගටStatement objects පාවිච්චි කරලා  database එක manipulate කිරලා තියෙනවා.ඒ කියන්නේ add,delete,update queries run කරලා තියෙනවා

state.executeUpdate(sql);

මේ class එක පාවිච්චි කරලා java programme එකක් ලියන විදිය ගැන පොඩි video එකක් හැදුවා.ඒක පහලින් බලන්න.

0 comments:

Post a Comment

Leave a comment...