Tuesday, May 19, 2015

Windows mobile apps හදමු - Part 2


අද කියල දෙන්නම් windows mobile app එකක් ලියන විදිය..කලින් ලිපිය බැලුවේ නැති අය මෙතනින් ඒ ලිපිය බලල එන්න

New project එකක් open කරගන්න..දකුණු පැත්තේ solution explorer window එකෙන් MainPage.xaml එක double click කරලා open කරගන්න.එතකොට app එකේ design view එක open වේවි..



windows mobile app එකක Design එක හදන්නේ xaml file එකක් විදියට..දැන් වම් කෙලවරේ තියෙන Toolbox මෙනු එක ගන්න..ඒකෙන් textbox එකක්,textblock එකක් සහ button එකක් අරන් දාගන්න..දාල ලස්සනට design එක හදාගන්න.මම කරන්න යන්නේ textbox එකේ මොකක් හරි ලියල button එක එබුවම ඒ text එක textblock එකේ පෙන්නන්න..මේක ගොඩක් පොඩි දෙයක්..

Textblock එක උඩ click කරලා properties window එකට ගිහින් (දකුණු කෙලවරේ පහල) මෙන්න මේ settings වෙනස් කරගන්න.

Name - Textblock1 (code කරද්දී මේ Textblock එක හදුනාගන්නේ මෙතනට දෙන නමින්)
Text යටතේ size එක 30ක් වගේ දෙන්න.alignment center කරගන්න

අනිත් component දෙකත් Textbox1 , Button1 විදියටත් ඒවගේ text size සහ alignment එකත් හදාගන්න

Button එකේ double click කරලා එකේ text එක ok කියලත් අනිත් දෙකේ text මකලත් දාන්න


දැන් button එක උඩ එකපාරක් click කරලා ආයේ double click කරන්න.එතකොට code කරන්න ඕනේ file එක ඒ කියන්නේ MainPage.xaml.cs file එක open වේවි.එහෙම නැත්තන් solution explorer එකේ MainPage.xaml එක expand කරගන්න(ඉස්සරහ තියෙනේ ඊහිසේ click කරලා).ඒ යටතේ MainPage.xaml.cs file එක ඇති.ඒක open කරගන්න


දැන් පහල විදියට code කරන්න

 private void Button1_Click(object sender, RoutedEventArgs e)
        {
              මෙන්න මෙතන code කරන්න ගන්න
        }


            String a = Textbox1.Text;
            Textblock1.Text = a;


පොඩි දෙයක් කරලා තියෙන්නේ..අලුතින් String එකක් හදාගෙන තියෙනවා a කියල.

ඒකට textbox එකෙන් එන value එක පාස් කරලා තියෙනවා

ඊට පස්සේ textblock එකට ඒ value එක සෙට් කරලා තියෙනවා.       

String a = Textbox1.Text;
Textblock1.Text = a;

දැන් app එක run කරලා බලමු.වැඩද කියලා...



මෙන්න මගේ emulator එකේ screenshot එක.තවත් අලුත් දෙයක් එක්ක ඊලග ලිපියෙන් හම්බෙමු...

0 comments:

Post a Comment

Leave a comment...