Monday, May 18, 2015

ඔයාගේ Samsung දුරකථනයත් වැඩ දාන්න ගිහින් on වෙන්නේ නැතුව ගියාද?? ( Stock Rom එක flash කරමු )


ගොඩක් අය rom දාන්න ගිහින් , root කරන්න ගිහින් ෆෝන් එක soft brick කරගන්නවා.ඒ කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගලක් කොරගන්න්වා...phone ඒක boot වෙන්නේ samsung galaxylogo එකට විතරයි.ඊට පස්සේ ඒක දිගටම වැටිලා තියෙනවා

මෙහෙම උනාම කරන්න තියෙන හොදම දේ නැවත stock rom එකක් flash කරන එක.soft brick උනාම විතරක් නෙවේ root කරපු recovery දාපු ෆෝන් එකක් නැවත ගද්දි තිබ්බ තත්වෙට ඒ කියන්නේ unroot කරලා stock recovery ඒක දාගන්න stock rom එකක් flash කරලා පුළුවන්

Samsung Stock Roms ගන්න තැන දෙකක් තියෙනවා...

1. Sammobile
2. Samsung Updates

මේ දෙකේ බලල ඔයාලට ගැලපෙන rom එකක් තෝරාගන්න.Rom ගද්දි වැදගත් දෙයක් තමා region එක.හැම phone එකකටම region එකක් තියෙනවා.ඔයාගේ phone එක මොන region එකට අයත් එකක්ද කියල මෙතනින් බලන්න.

වැඩේ කියන්නේ soft brick උන අයට මේක බලන්න බැහැනේ.වෙනස් region එකක rom එකක් ගැහුවා කියල කිසි අවුලක් වෙන්නේ නැහැ..test කරලා බලලයි කියන්නේ.ඒ නිසා DX වලින් එන ඒ කියන්නේ Vietnam පැත්තේ Rom එකක් flash කරන්න..

Rom ඒක flash කරන්නේ මෙහෙමයි.,..

මේකට odin ඕනේ.odin නැත්තන් මෙතනින් ගන්න

මුලින්ම samsung usb drivers install කරන්න

දැන් odin run කරන්න(administrator විදියට)

දැන් ෆෝන් එක download mode දාල usb connect කරන්න.odin වල added කියල වැටෙනවා නම් ඉස්සරහට යන්න පුළුවන්.download mode දාගන්නේ මෙහෙමයි.

phone එක Turn offකරන්න
දැන් power+home+volume down button තුනම එක පාර ඔබන් ඉන්න.

මේ වගේ screen එකක් ආපුවාම volume up button එක ඔබන්න


දැන් androd බට්ටා වැටෙයි ඔය වගේ..දැන් තමා connect කරන්න ඕනේ usb

දැන් odin වලින්  added වැටුනම PDA විදියට(අලුත් එකේ නම් AP විදයට) rom file එක( tar file එක ) තෝරන්න



දැන් odin වල leave cs වැටෙනකන් ඉන්න.


දැන් auto reboot සහ F.reset time කියන දෙකtick කරන්න.(default tick වෙලා තියේවි).
re-partition tick කරන්න එපා.tick වෙලානම් අයින් කරන්න
දැන් start දෙන්න.phone එක root වෙලා reboot වේවි.odin වල pass කියල වැටෙනකන් ඉන්න..


දැන් වැඩේ ඉවරයි.මුල් පාර start වෙන්න ටිකක් වෙලා යනවා.ඉවසීමෙන් බලන් ඉන්න.ඒ වගේම odin වල pass කියල වැටෙනකන් ෆෝන් එක ගලවන්න එපා....

1 comment:

  1. chinees phones flash karana hati kiynnakoo..eke mn try kra sp flash tool eka..eke usb connect wenawa aai disconnect wenawaneeeeeeee

    ReplyDelete

Leave a comment...