Showing posts with label Apple. Show all posts
Showing posts with label Apple. Show all posts

Monday, March 30, 2015

iPhone 4/4s ios 7 jailbreak කරමු...

i 3gs එකක් redsn0w පාවිච්චි කරලා jailbreak කරගන්න හැටි කියල දුන්නනේ.දැන් කියන්න යන්නේ i 4/4s ios 7 run වෙන device එකක් jailbreak කරගන්න හැටි.හරිම ලේසි..පහල තියෙන file එක download කරගන්න මුලින්ම.

Evasi0n

දැන් extract කරලා Evasi0n run කරන්න


device එක connect කරන්න.Evasi0n වලින් detect කරගත්තම jailbreak click කරන්න.device එක දෙපාරක් reboot වේවි.Evasi0n වලින් වැඩේ ඉවරයි කියනකන් බලන් ඉන්න.

දැන් ඉතින් cydia වලින් ultrasnow දාගන්න.ඊට පස්සේ සිම් card එක දාන්න.වැඩේ ගොඩ.

jailbreak කරනවා කියන්නේ මොකද්ද?

Apple සමාගම විසින් iOS මෙහෙයුම් පද්ධතිය ධාවනය වන උපාංග(iPhone,iPad,iPod,Apple TV) වෙළදපලට නිකුත් කරන්නේ විවිධ සීමා සහ බාධක යොදාලයි.ඒක අපි හැමෝම දන්නවනේ.factory unlock device එකක උනත් ඕනෙම සිම් card එකක් පාවිච්චි කරන්න හැකි පහසුකම විතරයි දීල තියෙන්නේ.Jailbreak කරනවා කියන්නේ ඇපල් සමාගම විසින් යොදා ඇති බාධක ඉවත් කොට එය අපිට ඕනේ  විදිහට Customize කරගැනීමයි.මේකත් හරියට ඇන්ඩ්‍රොයිඩ් Root කරනවා වගේ.එත් android root කරාම තියෙන පහසුකම් apple jailbreak කරලවත් ගන්න බැහැ.jailbreak කලාම cydia app store එක install වේ.ඇපල් Store එකට අමතරව cydia Store එකෙන් තවත් වෙනස් පහසුකම් සහිත ඇප්ස් ලබා ගත හැකි අතර අන්ලොක් කිරීම,Themes මාරු කිරීම,Ringtones දැමීම,jailbreak පහසුකම අවශ්‍ය ඇප්ස් run කිරීමත් කල හැකියි.
හැම ඇපල් උපාංගයක්ම එකම විදියටjailbreak කරන්න,unlock කරන්න(ඕනෑම සිම්පතක් භාවිත කරහැකි ලෙස සිම් unlock කිරීම) බැහැ.iOS version එක,device එකේ basebrand version එක ඒකට බලපානවා.

Jailbreak කිරීම් ප්‍රධාන වශයෙන් කොටස් 2 කි.
1. Tethered Jailbreak
2. Untethered Jailbreak




Tethered Jailbreak
මෙම Jailbreak කිරීම යටතේ device එකෙහි kanel එක patch කිරීම පරිගණකය මගින් සිදු කරන අතර.Off කර නැවත On කරන සෑම විටදීම device එක පරිගණකයට සම්බන්ධ කළ යුතුයි.සාමාන්‍යයෙන් මුලින් ම නිකුත් වන්නේ tethered jailbreak එක යි.පසුව Untethered සංස්කරණයක් නිකුත් කරනු ලබනවා.Tethered සිට Untethered කර ගැනීම Cydia තුලින් ඊට අදාළ  Patch එක ( Evasi0n , p0sixspwn ) Install කරගැනීම මඟින් කරගත හැකියි.එසේ නොහැකි වුවොත් නැවත වෙනත් app එකක් මගින් Jailbreak කල යුතුය

Untethered Jailbreak
මෙහි දී device එක boot වෙනකොටම  kanel එක කුඩා app එකක් මඟින් patch කරවනවා.

ඇපල් සමාගම් නිකුත් කරන අලුත් iOS සංස්කරණ jailbreak කිරීමට කාලයක් ගත වෙනවා.මුලින්ම  Tethered Jailbreak නිකුත් කර පසුව තමයි Unthethered Jailbreak එකක් නිකුත් වෙන්නේ
Jailbreak කිරීම සඳහා ලෝකය පුරා විසිර සිටින විවිද developersලා විවිද මෘදුකාංග නොමිලේ නිකුත් කරනවා.එවැනි ප්‍රසිද්ධම app එකක් තමයි redsn0w කියන්නේ.

Jailbreak කිරීම root කිරීමට වඩා අවධානම් සහ අමාරු කාර්යයක්.Jailbreak කිරීම මගින් ඇතිවන ගැටලු සම්බන්ධයෙන් ඇපල් සමාගම වගකියන්නේ නැතිවා සේම Jailbreak කල උපාංග තහනම් කිරීමකට ලක්වේ.ඕනෑම අවස්ථාවක device එක iTunes මගින් Restore කර jailbreak කිරීම ඉවත් කර ගත හැකි වූවත් ඔබගේ උපාංගය factory unlock නොවේ නම් මෙසේ Restore කිරීම මඟින් නැවත ලොක් වේ.

jailbreak කරලා තිබ්බ iphone 3GS එකක් update කරන්න ගිහින් අමාරුවේ වැටුනද?මෙන්න විසදුම. Part 2






දැන් basebrand  version එක පහල දාන වැඩේ පටාන් ගමු.මුලින්ම අපි මේ device එකට ipad basebrand එක install කරන්න ඕනේ.


1.ෆෝන් එක cable එකෙන් ගලවන්නේ නැතුවම ආයෙත් off කරන්න
2.redsn0w back කරගෙන මුලට යන්න.
3.Extras තෝරලා Select ipsw තෝරන්න.
4.ipsw file එක තෝරලා දෙන්න
5.එන dialog box වලට ok දෙන්න
6.Back click කරන්න
7.Jailbreak click කරන්න
8.Install iPad baseband කියන එක විතරක් තෝරන්න
9.next කරන්න.
10.ෆෝන් එක DFU mode එකට දාන්න
11.කලින් විදියටම වැඩ ටික වේවි.අන්නාසි ගෙඩියේ රූපේ තියෙන app එකෙන් basebrand එක install කරාවි.ආයෙත් setup wizard එකට ඒවි.

දැන් basebrand  version එක පහල දාන්න පුළුවනි.එකට


1.ෆෝන් එක cable එකෙන් ගලවන්නේ නැතුවම ආයෙත් off කරන්න
2.redsn0w back කරගෙන මුලට යන්න.
3.Extras තෝරලා Select ipsw තෝරන්න.
4.ipsw file එක තෝරලා දෙන්න
5.එන dialog box වලට ok දෙන්න
6.Back click කරන්න
7.Jailbreak click කරන්න
8.Downgrade from iPad baseband කියන එක විතරක් තෝරන්න
9.next කරන්න.
10.ෆෝන් එක DFU mode එකට දාන්න
11.කලින් විදියටම වැඩ ටික වේවි.අන්නාසි ගෙඩියේ රූපේ තියෙන app එකෙන් basebrand එක install කරාවි.ආයෙත් setup wizard එකට ඒවි.

තාමත් වැඩේ ඉවර නැහැ.අපි jailbreak කලාට මේක tethered ඒ කියන්නේ තාවකාලික jailbreak කිරීමක්.device එකේ kanel එක patch කිරීම පරිගණකය මගින් සිදු කරන අතර Off කර නැවත On කරන සෑම විටදීම device එක පරිගණකයට සම්බන්ධ කළ යුතුයි.නිකන්ම reboot කලොත් cydia app store එක එහෙම වැඩ කරන්නේ නැහැ.වැඩ කරන්නනම් off කරලා on කරන හැම වෙලේම පහල විදියට redsn0w වලින් tethered boot කරන්න ඕනේ.

බයවෙන්න එපා.එක පාරක් මෙහෙම on කලාට පස්සේ Untethered ඒ කියන්නේ jailbreak කිරීම ස්ථීර කරගන්න පුළුවන්.එකේදී කරන්නේ cydia app එක හරහා පොඩි file එකක් දාන එක.ඒ file එකෙන් boot වෙන හැම වෙලාවකම auto ම kanel එක patch කරනවා.ඊට පස්සේ ආයේ redsn0w වලින් අපි අතින් kanel එක patch  කරලා tethered boot කරන්න ඕනේ නැහැ

1.ෆෝන් එක cable එකෙන් ගලවන්නේ නැතුවම ආයෙත් off කරන්න
2.redsn0w back කරගෙන මුලට යන්න.
3.Extras තෝරලා Select ipsw තෝරන්න.
4.ipsw file එක තෝරලා දෙන්න
5.එන dialog box වලට ok දෙන්න
6.Just boot click කරන්න
7.ෆෝන් එක DFU mode එකට දාන්න
8.මේ පාර එන්නේ වෙනස් විදියක රූපයක්.ඒකත් අන්නාසිම තමයි.


ටිකකින් ආයෙත් setup wizard එකට ඒවි.
දැන් setup wizard එක complete කරගන්න.active කරන තැනදී wifi network එකකට connect කරලා නිකන්ම next කරන්න.කලින් වගේ activate කතා නැහැ.කෙලින්ම setup වේවි

දැන් cydia app එක run කරන්න.load වෙන්න දෙන්න.update වේවිගොඩක් වෙලාවට.ඒ සේරම ඉවර උනාට පස්සේ load වේවි.
දැන් search එකට ගිහින් p0sixspwn කියල search කරලා install කරගන්න.මේකෙන් තමා Untetheredකරන වැඩේ වෙන්නේ.





install වුනාට පස්සේ return to cydia දෙන්න.දැන් සිම් එකේ වැඩේට බහිමු.
search එකට ගිහින් ultrasn0w කියල search කරලා install කරගන්න


install උනාම restart springboad දෙන්න.දැන් සිම් card එක දාල සිග්නල් එනකන් ටිකක් ඉන්න.ඔක්කොටම පස්සේ.ආයේ restart පාරක් දාලම වැඩ පටන් ගන්න

jailbreak කරලා තිබ්බ iphone 3GS එකක් update කරන්න ගිහින් අමාරුවේ වැටුනද?මෙන්න විසදුම. Part 1



apple සමාගමේ නීතිය අනුව jailbreak කරපු උපාංග වලට සේවා ලබාදීම තහනම් කරනවා.ඒ හින්ද තමයි jailbreak කරලා තිබ්බ iphone එකක් ios 6.1.6 වලට update කරාම active කරගන්න බැරි වෙන්නේ.මේකට තියෙන්නේ එකම විසදුමයි.ආයෙත් jailbreak කරන එක.නිකන්ම jailbreak කලාට විතරක් බැහැ.මොකද 3GS එකේ basebrand  version එක 6.15.00 මේ basebrand  version එකේදී ලංකාවේ මොනම සිම් එකක් දැම්මත් වැඩ කරන්නේ නැහැ.අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.මොකද මම නිකන් jailbreak කරන් සෑහේනට ඔට්ටු උනා සිම් වැඩ කරවන්න.ඒ නිසා අනිවාර්යෙන්ම basebrand  version එක පහල දාන්න ඕනේ.

මුලින්ම මෙන්න මේ ටික download කරගන්න.update කලේ ios 6.1.6 වලට උනාට අපි මේ වැඩේට ගන්නේ 6.0 ipsw file එක.
redsn0w 0.9.15b3
iPhone 6.0 ipsw

මුලින්ම jailbreak කරගමු.මුලින්ම කියන්නේ වැඩේ කරන්න කලින් ලිපි දෙකම හොදට කියවන්න.දිග වැඩි නිසා දෙකකට දැම්මේ.අනික වෙන වෙන දේවල් කොරන්න ගිහින් වෙන වැරදි වලට වගකියනු නොලැබේ

1.මුලින්ම  iPhone එක USB Connect කරන්න.ඊට පස්සේ off කරන්න 
2.redsn0w right click කරලා run as administrator දෙන්න

3.Extras තෝරලා Select ipsw තෝරන්න.

4.ipsw file එක තෝරලා දෙන්න
5.එන dialog box වලට ok දෙන්න
   තව එකක් ආවොත් එකත් ok කරන්න

6.Back click කරන්න
7.Jailbreak click කරන්න

8.Install Cydia කියන එක විතරක් තෝරන්න



9.next කරන්න.

10.දැන් ෆෝන් එක DFU mode එකට දාගන්න ඕනේ.power button එක (උඩ දකුණු කෙලවර) තත්පර තුනක් ඔබන් ඉන්න.ඊට පස්සේ එක ඇත නොහැරම home button එකත් ඔබා ගන්න.තත්පර 10ක් මේ දෙකම ඔබන් ඉන්න.ඊට පස්සේ power button එක අත්හරින්න.home button එක තවත් තත්පර 15ක් අල්ලන් ඉන්න.8ක් විතර අල්ලන් ඉන්නකොට redsn0w වලින් ditect කරාවි.එත් home button එක අල්ලන්ම ඉන්න
Exploiting with limera 1n කියන එක ඉවර වෙන්න ලං වෙනකන්.ඊට පස්සේ අත්හරින්න.(Exploit failed වෙන එක වලක්වා ගන්න)


11.ෆොන් එක reboot වේවි.ඊට පස්සේ
uploading first stage
uploading second stage වෙලා ආයෙත් reboot වේවි.මේ දෙකේදී stuck වුනොත් විතරක් data cable එක ගලවල ඉක්මනට ආයේ ගහන්න.uploading first stage , uploading second stage වලදී.reboot කියල වැටුනම වැරදිලාවත් ගලවන්න එපා.reboot වෙන්න ටිකක් වෙලා යයි.
12.ඊට පස්සේ uploding ramdisk , uploding kernel වේවි.
 ෆෝන් එකේ downloadin jailbreak data කියල වැටේවි

ඊට පස්සේ ෆෝන් එකේ command ගොඩක් run වේවි.run වෙලා අන්නාසි ගෙඩියක් දුවන රූපයක් තියෙන app එකක් run වේවි



මේ වෙද්දී වගේ  redsn0w වල done වැටේවි.
ඒත් ෆෝන් එක cable එකෙන් ගලවන්නේ නැතුව එහෙමම තියෙන්න අරින්න.
 ෆෝන් එක reboot වෙලා ආයෙමත් setup wizard එකට ඒවි.දැන් jailbreak වෙලා ඉවරයි.