Showing posts with label Android. Show all posts
Showing posts with label Android. Show all posts

Wednesday, June 3, 2015

ඔබ සතුව අනිවාර්යෙන්ම තිබිය යුතු Xposed modules....



Xposed Additions - මෙතනින් ගන්න
මේකෙන් පුළුවන් ෆෝන් එකේ බටන් වැඩ කරන විදිහ වෙනස් කරගන්න.ඒ කියන්නේ ඕනෙනම් back බටන් එක එබුවම මෙනු එක එන්න හදාගන්න උනත් පුළුවන්.බටන් එකක් ඔබන් උන්නම මොකක් හරි දෙයක් වෙන්න,long press කරන ඉන්න ඕනේ timing වෙනස් කරගන්න වගේ දේවල් මේකෙන් කරගන්න පුළුවන්


GravityBox - මෙතනින් ගන්න
මේකේ එක එක mods තියෙනවා.අපිට ඕනේ mod active කරගන්න වගේම customize කරගන්නත් මෙ module එක හරහා පුළුවන්.batry icon,signal icon වෙනස් කරගන්න.low batry warning වගේ notifies customize කරගන්න,caller photo fullscreen වැටෙන්න දාගන්න වගේ දේවල් මේකෙන් පුළුවන්.කිව්වේ පොඩි දේවල් ටිකක්.තව දේවල් පුළුවන් ඈ



Wanam Kit - මෙතනින් ගන්න
ඔයාගේ ෆෝන් එකේ status bar එක, sound, lock screen එක, system settings, phone settings, security settings customize කරගන්න මේ module එක හරහා පුළුවන්



BootManager - මෙතනින් ගන්න
ෆෝන් එක ඕන වෙද්දීම app එකක් run කරන්න ඕනේ නම් මෙන්න විසදුම.මේකෙන් පුළුවන් boot වෙද්දී තමන්ට අවශ්‍ය apps run කරන්න සහ අඩු වේලාවකදී ෆෝන් එක boot වෙන විදියට settings සකස් කරගන්න



XuiMod - මෙතනින් ගන්න
මේකේ custom rom ගොඩක features අඩංගු කරලා තියෙනවා.මෙ module එක දාගත්තම ඒ rom වල features අත්විදින්න ඔයාලටත් පුළුවන්



DynamicNotifications - මෙතනින් ගන්න
මේකෙන් පුළුවන් Notifications customize කරගන්න.අර apple ෆෝන් වල වගේ lock screen එකේම Notifications පෙන්න දාගන්නත් පුළුවන් මේකෙන්



XPrivacy -  මෙතනින් ගන්න
ඔයා පාවිච්චි කරන facebook ,viber වගේ app වල තියෙන privacy data ආරක්ෂා කරගන්න මේ module එක පාවිච්චි කරන්න පුළුවන්



Android Phone Vibrator - මෙතනින් ගන්න
මේකෙන් පුළුවන් Vibrator customize කරගන්න.Vibrate time එක අඩු වැඩි කරගන්න.call එක connect උනාම ,cut උනාම vibrate වෙන්න වගේ settings හදාගන්න පුළුවන්



XBlast Tools - මෙතනින් ගන්න
මේකෙනුත් ෆෝන් එකේ ගොඩක් දේවල් customize කරගන්න පුළුවන්.Notification panel,Navigation bar,Status bar වගේ ගොඩක් දේවල් වෙනස් කරගන්න පුළුවන්



Tinted Status Bar - මෙතනින් ගන්න
මේක දැම්මම දැනට run වෙන app එකේ පාටට අනුව status bar color එක වෙනස් වෙනවා.manual සෙට් කරන්නත් පුළුවන් app එකෙන් app එකට වෙන වෙන colours



App Settings - මෙතනින් ගන්න
මේකෙන් පුළුවන් app එකකට අදාළ settings customize කරගන්න.ඒ කිව්වේ app එක run වෙන්න ඕනේ fullscreen ද ?DPI, rotation ඕනේ කොයි විදියටද කියන එක



Maximize Widgets on Lockscreen - මෙතනින් ගන්න
මේකෙන් පුළුවන් Lockscreen එකේදී Widgets පෙන්න ඕනේ විදිය customize කරගන්න.



Instagram Downloader - මෙතනින් ගන්න
මේක දාගත්තම official Instagram app එකෙන් අනිත් අය share කරපු photos සහ videos download කරගන්න පුළුවන්



Youtube AdAway - මෙතනින් ගන්න
මේක දාගත්තම official Android YouTube app එකේ පෙන්නන ads ටික අයින් කරගන්න පුළුවන්


Thursday, May 28, 2015

Xposed modules collection එකක්....



මෙන්න Xposed modules collection එකක්ම අරන් ආවා..මේක මම හොයාගත්තේ XDA forum එකෙන් කැමති කෙනෙක් අරගෙන පාවිච්චි කරලා බලන්න...

ඔයාගේ Android ෆෝන් එකටත් Xposed framework එක install කරමු


ඔයා apple jailbreak කරපු කෙනෙක්නම් cydia ගැන දන්නවනේ.අන්න ඒ වගේ android වලට තියෙන module installer එකක් තමා Xposed framework.මේක දාගන්න නම් ෆෝන් එක root කිරීම අනිවාර්යයි.මේක දාගත්තට පස්සේ අපිට විවිද module install කරලා ෆෝන් එක අපිට ඕනේ විදියට customized කරන්න පුළුවනි.ලෝකේ පුරාම ඉන්න විවිද developerලා විවිද module නිර්මාණය කරලා තියෙනවා Xposed framework එකට.අපිට ඒ module හිතේ හැටියට පාවිච්චි කරන්නයි තියෙන්නේ.මේක දාගන්න විදිය බලමු

මුලින්ම app එක මෙතනින් ගන්න

install කරගන්න.install කරද්දි install blocked කියන message එක ආවොත් එකේ settings ගිහින් Unknown sources වලට tick එකක් දාන්න


දැන් app එක open කරගන්න.Framework කියන එකට යන්න.install දෙන්න.


superuser access grant කරන්න.ඊට පස්සේ එන message එක ok කරන්න


දැන් framework එක install වෙලා ඉවරයි..දැන් බලමු module දාගන්න විදිය

Downloads වලට යන්න.ඕනේ කරන module එක තෝරාගන්න


දැන් download දෙන්න.download උනාම install දෙන්න


දැන් හරි...දැන් මේ install කරපු module එක enable කරන්න ඕනේ.install උනුගමන් notification එකක් එනවා module එක active කරන්න කියල.ඒක ටැප් කරපු ගමන් යන්නේ modules වලට.එහෙම නැත්තන් app එක open කරලා module ටැප් කලාමත් යන්නේ මෙතෙන්ටමයි.මෙතනින් enable කරන්න ඕනේ module එකට tick එකක් දාන්න.



දැන් module එක ටැප් කරලා ඒකට අදාළ settings හදාගන්න.


ඔයාගේ samsung දුරකතනයේ flash counter එක 0 කරමු ( Triangle Away )



මොකද්ද මේ flash counter එක කියන්නේ

flash counter එක කියන්නේ phone එකට දාන custom binaries ගණන් කරන්න දාල තියෙන app එකක්.ඒ කියන්නේ මේකෙන් බැලුවකි phone එකට custom binaries කීයක් download කරලා තියෙනවද කියලා..Custom binaries කිව්වේ odin වලින් root කරද්දී , Rom ගහද්දි ,recovery දාද්දි ඒවාට අදාලව download වෙන binaries.root කරද්දී 0 තිබ්බ count එක1 වෙනවා.recovery දාද්දි ආයේ 2 වෙනවා.ආයේ පාරක් binaryඑකක් download උන නිසා.මේ count එක පෙන්නන්නෙ download mode එකේදියි..

download mode දාගන්නේ මෙහෙමයි....

phone එක Turn offකරන්න
දැන් power+home+volume down button තුනම එක පාර ඔබන් ඉන්න.

මේ වගේ screen එකක් ආපුවාම volume up button එක ඔබන්න


ඔන්න ඔතන තමා count එක පෙන්නන්නෙ


flash counter එක 0 වලට වඩා වැඩි උනාම මොකද වෙන්නේ
මේකෙන් තමා phone එකට custom binaries දාලද කියල බලා ගන්නේ.දාල තිබ්බොත් ඉතින් warranty එකට sorry තමා.
ඒ වගේම ඔයාගේ ෆෝන් එකට OTA Updates ( Over the air - ඒ කියන්නේ online updates) දෙන්නේ නැහැ.
ඒත් එහෙම කියල ෆෝන් root නොකර ,Rom  ,recoveryනොගහ තිබ්බැකිය.ඒකට් විසදුම තමා වෙනත් app එකක් මගින් flash counter එක 0 කිරීම.මේකට අපි පාවිච්චි කරන්නේ Triangle Away කියන app එක.මේක හදලා තියෙන්නේ XDA forum එකේ developer ල විසිනුයි.

මේක support කරන device list එක තමා පහලින් තියෙන්නේ..(උපුටාගැනීම-xda forum)

Supported devices

Samsung Galaxy S2 GT-I9100 **
Samsung Galaxy S2 SPH-D710 Epic 4G Touch **
Samsung Galaxy S2 Korea SHW-M250K/L/S **
Samsung Galaxy S3 GT-I9300 **
Samsung Galaxy S3 GT-I9300T **
Samsung Galaxy S3 AT&T
Samsung Galaxy S3 Sprint
Samsung Galaxy S3 T-Mobile
Samsung Galaxy S3 Verizon UNLOCK BOOTLOADER
Samsung Galaxy S3 Canada
Samsung Galaxy S3 US Cellular
Samsung Galaxy S3 MetroPCS
Samsung Galaxy S3 Cricket
Samsung Galaxy S3 C-Spire
Samsung Galaxy S3 GT-I9305 LTE **
Samsung Galaxy S3 GT-I9305T LTE **
Samsung Galaxy S3 GT-I9305N LTE **
Samsung Galaxy S3 Korea SHV-E210K/L/S ** DISABLE DUE TO ISSUES
Samsung Galaxy S3 Korea SHW-M440S **
Samsung Galaxy S4 International GT-I9505 **
Samsung Galaxy S4 AT&T SGH-I337 UNLOCK BOOTLOADER
Samsung Galaxy S4 Verizon SCH-I545 UNLOCK BOOTLOADER
Samsung Galaxy S4 T-Mobile SGH-M919
Samsung Galaxy S4 Sprint SPH-L720
Samsung Galaxy S4 US Cellular SCH-R970
Samsung Galaxy S4 Canada SGH-I337M
Samsung Galaxy Note GT-N7000 **
Samsung Galaxy Note GT-I9220 **
Samsung Galaxy Note 2 GT-N7100/T **
Samsung Galaxy Note 2 GT-N7102 **
Samsung Galaxy Note 2 GT-N7105/T LTE **
Samsung Galaxy Note 2 SPH-L900 Sprint **
Samsung Galaxy Note 2 SGH-T889 T-Mobile **
Samsung Galaxy Note 2 SGH-T889V Canada **
Samsung Galaxy Note 2 SGH-R950 US Cellular **
Samsung Galaxy Note 2 AT&T/Canada SGH-I317/M **
Samsung Galaxy Note 2 SCH-I605 Verizon ** UNLOCK BOOTLOADER
Samsung Galaxy Note 2 Korea SHV-E250K/L/S **
Samsung Galaxy Note 3 International SM-N9005 4.4+
Samsung Galaxy Note 3 SM-N900T T-Mobile 4.4+ (Untested)
Samsung Galaxy Note 3 SM-N900P Sprint4.4+ (Untested)
Samsung Galaxy Note 3 SM-N900W8 Canadia 4.4+ (Untested)
Samsung Galaxy Note 3 SM-N900S/2/6/8/9 Asia 4.4+ (Untested)
Samsung Galaxy Note 8.0" GT-N5100 3G **
Samsung Galaxy Note 8.0" GT-N511x Wi-Fi **
Samsung Galaxy Note 8.0" GT-N5120 LTE **
Samsung Galaxy Note 10.1" GT-N8000 3G **
Samsung Galaxy Note 10.1" GT-N801x Wi-Fi **
Samsung Galaxy Note 10.1" GT-N8020 LTE **
Samsung Galaxy Note 10.1" SHW-M480S/K/W **
Samsung Galaxy Camera EK-GC100 **
Samsung Galaxy Tab 2 GT-P310x 7" 3G
Samsung Galaxy Tab 2 GT-P311x 7" Wi-Fi
Samsung Galaxy Tab 2 GT-P510x 10.1" 3G
Samsung Galaxy Tab 2 GT-P511x 10.1" Wi-Fi
Samsung Galaxy Ace 2 GT-I8160
Samsung Galaxy S Advance GT-I9070/P
Samsung Galaxy S3 Mini GT-I8190
Samsung Galaxy Grand Duos GT-I9082
Samsung Galaxy Ace Plus GT-S7500
Samsung Galaxy Ace IIx GT-S7560
Samsung Galaxy S Duos GT-S7562
Samsung Galaxy Premier GT-I9260

 Triangle Away apk file එක මෙතනින් ගන්න.

දැන් apk file එක install කරගන්න.ඒ කරද්දි install blocked කියන message එක ආවොත් එකේ settings ගිහින් Unknown sources වලට tick එකක් දාන්න


App එක open කරන්න.Super user access ඉල්ලුවොත් grant කරන්න.ඔයාලගේ ෆෝන් model එක හදුනාගනීවී app එකෙන්.continue කරන්න


දැන් Reset flash counter දෙන්න.warning එක continue කරන්න


counter එක reset වෙලා reboot වේවි.ඔන්න වැඩේ හරි

Andorid Custom Roms තොගයක් මෙන්න....


ඉන්ටර්නෙට් එකේ ඉද්දි rom ටිකක් තියෙන site එකක් දැක්ක.මේකේ ගොඩක් ෆෝන් මොඩල් වලට rom තියෙනවා.ඉතින් ලින්ක් ටික බ්ලොග් එකේ දැම්මොත් හොදයි කියල හිතුනා...ඔයාලගේ මොඩල් එකටත් තියෙනවද බලන්නකෝ.



http://theunlockr.com/roms/android-roms/samsung-roms/



http://theunlockr.com/roms/android-roms/lg-roms/


http://theunlockr.com/roms/android-roms/sony-roms/


http://theunlockr.com/roms/android-roms/htc-roms/

http://theunlockr.com/roms/android-roms/huawei-roms/


http://theunlockr.com/roms/android-roms/motorola-roms/


http://theunlockr.com/roms/android-roms/micromax-roms/

Monday, May 25, 2015

ඔයාගේ Korean Galaxy ෆෝන් එකෙත් call drop වෙනවාද?


Korean Galaxy ෆෝන් වල තියෙන ප්‍රධාන අවුල් දෙකක්නේ sms charactor ලිමිට් එකයි, කොච්චර signal තිබ්බත් call drop වෙන, ඇහෙන්නේ නැති වෙන අවුලයි.sms අවුල හදාගන්න නම් custom rom එකක් ගහන්නම වෙනවා.එත් call drop ප්‍රශ්නේ ලේසියෙන්ම හදන්න පුළුවන්.මම මේ කියන්නේ Korean Galaxy ෆෝන් වල තියෙන hidden menu එකක් ගැන.මුලින්ම කියන්න ඕනේ මේක hidden කරලා තියෙන්නේ ෆෝන් එකේ වැදගත් සෙටින්ග්ස් ගොඩක් මේකේ තියෙන නිසා.මේකේ තියෙන අනිත් settings වෙනස් කරන්න යන්න එපා.මේක කරන්න පුළුවන් k සහ s වලින් අවසන් වෙන මොඩල් වලටයි.ඒ කිව්වේ shv-e120k/s , e210k/s වගේ.

dialpad එකේ 319712358 dial කරන්න.menu එකක් open වෙලා password එකක් අහාවී.


ඔයාගේ දුරකථනය k model එකක් නම් password එක - 774632
ඔයාගේ දුරකථනය s model එකක් නම් password එක - 996412

දැන් එන menu එකේ Network Settings තෝරන්න


ඊට පස්සේ එකේ WCDMA All තෝරන්න.ඔයා 4G use කරනවානම් විතරක් LTE All තෝරන්න.


දැන් හරි.menu එක close කරලා දාන්න.දැන් අවුල හරි ගිහින් ඇති

Monday, May 18, 2015

ඔයාගේ Samsung දුරකථනයත් වැඩ දාන්න ගිහින් on වෙන්නේ නැතුව ගියාද?? ( Stock Rom එක flash කරමු )


ගොඩක් අය rom දාන්න ගිහින් , root කරන්න ගිහින් ෆෝන් එක soft brick කරගන්නවා.ඒ කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගලක් කොරගන්න්වා...phone ඒක boot වෙන්නේ samsung galaxylogo එකට විතරයි.ඊට පස්සේ ඒක දිගටම වැටිලා තියෙනවා

මෙහෙම උනාම කරන්න තියෙන හොදම දේ නැවත stock rom එකක් flash කරන එක.soft brick උනාම විතරක් නෙවේ root කරපු recovery දාපු ෆෝන් එකක් නැවත ගද්දි තිබ්බ තත්වෙට ඒ කියන්නේ unroot කරලා stock recovery ඒක දාගන්න stock rom එකක් flash කරලා පුළුවන්

Samsung Stock Roms ගන්න තැන දෙකක් තියෙනවා...

1. Sammobile
2. Samsung Updates

මේ දෙකේ බලල ඔයාලට ගැලපෙන rom එකක් තෝරාගන්න.Rom ගද්දි වැදගත් දෙයක් තමා region එක.හැම phone එකකටම region එකක් තියෙනවා.ඔයාගේ phone එක මොන region එකට අයත් එකක්ද කියල මෙතනින් බලන්න.

වැඩේ කියන්නේ soft brick උන අයට මේක බලන්න බැහැනේ.වෙනස් region එකක rom එකක් ගැහුවා කියල කිසි අවුලක් වෙන්නේ නැහැ..test කරලා බලලයි කියන්නේ.ඒ නිසා DX වලින් එන ඒ කියන්නේ Vietnam පැත්තේ Rom එකක් flash කරන්න..

Rom ඒක flash කරන්නේ මෙහෙමයි.,..

මේකට odin ඕනේ.odin නැත්තන් මෙතනින් ගන්න

මුලින්ම samsung usb drivers install කරන්න

දැන් odin run කරන්න(administrator විදියට)

දැන් ෆෝන් එක download mode දාල usb connect කරන්න.odin වල added කියල වැටෙනවා නම් ඉස්සරහට යන්න පුළුවන්.download mode දාගන්නේ මෙහෙමයි.

phone එක Turn offකරන්න
දැන් power+home+volume down button තුනම එක පාර ඔබන් ඉන්න.

මේ වගේ screen එකක් ආපුවාම volume up button එක ඔබන්න


දැන් androd බට්ටා වැටෙයි ඔය වගේ..දැන් තමා connect කරන්න ඕනේ usb

දැන් odin වලින්  added වැටුනම PDA විදියට(අලුත් එකේ නම් AP විදයට) rom file එක( tar file එක ) තෝරන්න



දැන් odin වල leave cs වැටෙනකන් ඉන්න.


දැන් auto reboot සහ F.reset time කියන දෙකtick කරන්න.(default tick වෙලා තියේවි).
re-partition tick කරන්න එපා.tick වෙලානම් අයින් කරන්න
දැන් start දෙන්න.phone එක root වෙලා reboot වේවි.odin වල pass කියල වැටෙනකන් ඉන්න..


දැන් වැඩේ ඉවරයි.මුල් පාර start වෙන්න ටිකක් වෙලා යනවා.ඉවසීමෙන් බලන් ඉන්න.ඒ වගේම odin වල pass කියල වැටෙනකන් ෆෝන් එක ගලවන්න එපා....