Showing posts with label Sinhala subs. Show all posts
Showing posts with label Sinhala subs. Show all posts

Monday, June 1, 2015

My Super Ex Girlfriend (2006) - මෙන්න ගෑනු ( සිංහල උපසිරැසි සමග )



මේක මගේ තුන්වැනි උපසිරසි ගැන්වීම.අද මම ගෙනාවේ නියම comedy චිත්‍රපටියක්.IMDB හි 5.1 ක අගයක් හිමිකරගෙන තියෙන මේ විත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Ivan Reitman විසිනුයි.IMDB ratings ටිකක් අඩු උනාට පටන් ගත්තු වෙලේ ඉදන්ම හිනාවෙවී බලන්න පුළුවන් film එකක්.
කතාව පැත්තට හැරුනොත් මේ කතාවේ ප්‍රධාන චරිතේ matt කියන තරුණයා.මෙයාට පෙම්වතියක් නැහැ.මේ අතරේදී හිතට ෆිට් වෙන කෙල්ලෙක් දැකලා මෙයා ඒ කෙල්ලත් එක්ක සම්බන්දයක් ඇති කරගන්නවා..ආ තව චරිතයක් ඉන්නවා.සුපිරි වීර චරිතයක්.නගරේ පුරාම ජනප්‍රිය වෙලා ඉන්නේ G-girl කියලා.මෙයාට විශේෂ බලයක් තියෙනවා.ඒ බලයෙන් නගරේ යහපත වෙනුවෙන් වැඩ කරන එක තමා මෙයා කරන්නේ.මෙයා කොහොමද matt ට අදාල වෙන්නේ.matt යාලු උනානේ ගෑනු ලමයෙක් එක්ක නොදැනීම matt මේ යාලු වෙන්නේ G-girl එක්ක.නිකන් කෙල්ලෙක්ගෙනුත් බේරිලා ඉන්න බැරිකොට මේ වගේ සුපිරි බලයක් තියෙන කෙල්ලෙක් එක්ක matt කොහොම ඉදීවිද?මේක matt දැනගත්තම මොකක් වෙයිද?ඒක දැනගන්න නම් කතාව බලන්නම වෙනවා.කාලෙකින් බලපු ,හම්බුනු නියම comedy film එකක්.හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා.ඒ වගේම ඊලග sub එකත් ඉක්මනට ගෙන්න බලාපොරොත්තු වෙනවා..


film එක මෙතනින් ගන්න- https://yts.to/movie/my-super-ex-girlfriend-2006
 

Sunday, May 17, 2015

A Bug's Life (1998)- කුඹි ලන්තයේ සිට... (සිංහල උපසිරසි සහිතව)



මේක ටිකක් පරණ ඒත් සුපිරිම animation චිත්‍රපටියක්. ඇනිමේෂන් චිත්‍රපටිවට මුල්ම කාලේ හදපු චිත්‍රපටියක් උනත් a bugs life චිත්‍රපටිය අදටත් හිනාවෙවී බලන්න පුළුවන් විදියේ සුපිරිම නිර්මාණයක්.

IMDB හි 7.3 ක අගයක් හිමිකරගෙන තියෙන මේ විත්‍රපටිය Toy story, Cars වගේ  සුපිරි නිර්මාණ අධ්‍යක්ෂණය කරපු John Lassester ගේ අධ්‍යක්ෂණයක් වන අතර නිෂ්පාදනය කලේ  Walt Disney සමාගමයි.

කතාව පැත්තට හැරුනොත් කුඹි ජනපදයේ කුඹි හැම අවුරුද්දෙම පළගැටියන්ට අහාර පිරිනැමීමක් කරනවා තමන්ගේ පිරිස අනිත් ලොකු කෘමීන්ගෙන් බේරලා දෙන්න කියලා.මේ සිරිත නිසා පළගැටියෝ කුඹි ජනපදය යටත් කරගෙනයි ඉන්නේ.හොපර් ඒ කියන්නේ පළගැටියන්ගේ නායකයාට හැමෝම බයෙන් තම ඉන්නේ.හැම තැනකම ඉන්නවනේ ඇදේට යන පිරිස අතර කෙලින් යන්න try කරන අය.ඒ කිව්වේ වෙනසක් කරන්න හදන අය.මෙතනත් ඉන්නවා ඒ විදියේ කුඹියෙක්.නම ෆ්ලික් මෙයා නව නිපැයුම් කරුවෙක්.කොහොමහරි මෙයාගෙ අත්වරදකින් මේ අවුරුද්දේ එකතු කරපු කෑම සේරම පිරිනමන්න කලින් විනාශ වෙනවා.මේකට හොපර්ට හොදටම තරහා යනවා.හොපර් මෙයාලට තව අවස්තාවක් දෙනවා.
වැස්සට කලින් ආයේ ධාන්‍ය එකතු කරලා දෙන්න.හැබැයි මේ පාර දෙගුණයක් දෙන්න ඕනේ.කුඹින්ට කරගන්න දෙයක් නැතුව යනවා.ඇයි එයාලටත් වැස්සට කලින් කෑම එකතු කරගන්න එපැයි.ෆ්ලික් නගරෙට යන්න හදනවා උදව් අරන් එන්න පලගැටින්ට විරුද්දව සටන් කරන්න.රැජින එයාට යන්න දෙනවා.මොකද එතකොටවත් එයාගේ කරදරෙන් ගැලවෙන්න පුළුවන් නිසා.....
නගරෙට ගිය ෆ්ලික් ආපහු එන්නේ නියම කට්ට්ටියකුත් අරගෙන...මෙයාල සර්කස් කාරයෝ ටිකක්..ෆ්ලික්වයි මේ කට්ටියවයි ජනපදේ අය කොහොම පිළිගනීද?මෙයාලට පලගැටින්ට විරුද්දව සටන් කරන්න පුළුවන් වේවිද?ෆ්ලික් අරන් ආවේ සර්කස් කාරයෝ ටිකක් කියල ජනපදේ අය දැනගනීද? දැනගත්තොත්  මොකක් වේවිද??අරගෙනම බලන්නකෝ...

Film එක මෙතනින් ගන්න  https://yts.to/movie/a-bugs-life-1998