Monday, March 30, 2015

jailbreak කරලා තිබ්බ iphone 3GS එකක් update කරන්න ගිහින් අමාරුවේ වැටුනද?මෙන්න විසදුම. Part 1



apple සමාගමේ නීතිය අනුව jailbreak කරපු උපාංග වලට සේවා ලබාදීම තහනම් කරනවා.ඒ හින්ද තමයි jailbreak කරලා තිබ්බ iphone එකක් ios 6.1.6 වලට update කරාම active කරගන්න බැරි වෙන්නේ.මේකට තියෙන්නේ එකම විසදුමයි.ආයෙත් jailbreak කරන එක.නිකන්ම jailbreak කලාට විතරක් බැහැ.මොකද 3GS එකේ basebrand  version එක 6.15.00 මේ basebrand  version එකේදී ලංකාවේ මොනම සිම් එකක් දැම්මත් වැඩ කරන්නේ නැහැ.අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.මොකද මම නිකන් jailbreak කරන් සෑහේනට ඔට්ටු උනා සිම් වැඩ කරවන්න.ඒ නිසා අනිවාර්යෙන්ම basebrand  version එක පහල දාන්න ඕනේ.

මුලින්ම මෙන්න මේ ටික download කරගන්න.update කලේ ios 6.1.6 වලට උනාට අපි මේ වැඩේට ගන්නේ 6.0 ipsw file එක.
redsn0w 0.9.15b3
iPhone 6.0 ipsw

මුලින්ම jailbreak කරගමු.මුලින්ම කියන්නේ වැඩේ කරන්න කලින් ලිපි දෙකම හොදට කියවන්න.දිග වැඩි නිසා දෙකකට දැම්මේ.අනික වෙන වෙන දේවල් කොරන්න ගිහින් වෙන වැරදි වලට වගකියනු නොලැබේ

1.මුලින්ම  iPhone එක USB Connect කරන්න.ඊට පස්සේ off කරන්න 
2.redsn0w right click කරලා run as administrator දෙන්න

3.Extras තෝරලා Select ipsw තෝරන්න.

4.ipsw file එක තෝරලා දෙන්න
5.එන dialog box වලට ok දෙන්න
   තව එකක් ආවොත් එකත් ok කරන්න

6.Back click කරන්න
7.Jailbreak click කරන්න

8.Install Cydia කියන එක විතරක් තෝරන්න



9.next කරන්න.

10.දැන් ෆෝන් එක DFU mode එකට දාගන්න ඕනේ.power button එක (උඩ දකුණු කෙලවර) තත්පර තුනක් ඔබන් ඉන්න.ඊට පස්සේ එක ඇත නොහැරම home button එකත් ඔබා ගන්න.තත්පර 10ක් මේ දෙකම ඔබන් ඉන්න.ඊට පස්සේ power button එක අත්හරින්න.home button එක තවත් තත්පර 15ක් අල්ලන් ඉන්න.8ක් විතර අල්ලන් ඉන්නකොට redsn0w වලින් ditect කරාවි.එත් home button එක අල්ලන්ම ඉන්න
Exploiting with limera 1n කියන එක ඉවර වෙන්න ලං වෙනකන්.ඊට පස්සේ අත්හරින්න.(Exploit failed වෙන එක වලක්වා ගන්න)


11.ෆොන් එක reboot වේවි.ඊට පස්සේ
uploading first stage
uploading second stage වෙලා ආයෙත් reboot වේවි.මේ දෙකේදී stuck වුනොත් විතරක් data cable එක ගලවල ඉක්මනට ආයේ ගහන්න.uploading first stage , uploading second stage වලදී.reboot කියල වැටුනම වැරදිලාවත් ගලවන්න එපා.reboot වෙන්න ටිකක් වෙලා යයි.
12.ඊට පස්සේ uploding ramdisk , uploding kernel වේවි.
 ෆෝන් එකේ downloadin jailbreak data කියල වැටේවි

ඊට පස්සේ ෆෝන් එකේ command ගොඩක් run වේවි.run වෙලා අන්නාසි ගෙඩියක් දුවන රූපයක් තියෙන app එකක් run වේවි



මේ වෙද්දී වගේ  redsn0w වල done වැටේවි.
ඒත් ෆෝන් එක cable එකෙන් ගලවන්නේ නැතුව එහෙමම තියෙන්න අරින්න.
 ෆෝන් එක reboot වෙලා ආයෙමත් setup wizard එකට ඒවි.දැන් jailbreak වෙලා ඉවරයි.

0 comments:

Post a Comment

Leave a comment...