Monday, March 30, 2015

jailbreak කරනවා කියන්නේ මොකද්ද?

Apple සමාගම විසින් iOS මෙහෙයුම් පද්ධතිය ධාවනය වන උපාංග(iPhone,iPad,iPod,Apple TV) වෙළදපලට නිකුත් කරන්නේ විවිධ සීමා සහ බාධක යොදාලයි.ඒක අපි හැමෝම දන්නවනේ.factory unlock device එකක උනත් ඕනෙම සිම් card එකක් පාවිච්චි කරන්න හැකි පහසුකම විතරයි දීල තියෙන්නේ.Jailbreak කරනවා කියන්නේ ඇපල් සමාගම විසින් යොදා ඇති බාධක ඉවත් කොට එය අපිට ඕනේ  විදිහට Customize කරගැනීමයි.මේකත් හරියට ඇන්ඩ්‍රොයිඩ් Root කරනවා වගේ.එත් android root කරාම තියෙන පහසුකම් apple jailbreak කරලවත් ගන්න බැහැ.jailbreak කලාම cydia app store එක install වේ.ඇපල් Store එකට අමතරව cydia Store එකෙන් තවත් වෙනස් පහසුකම් සහිත ඇප්ස් ලබා ගත හැකි අතර අන්ලොක් කිරීම,Themes මාරු කිරීම,Ringtones දැමීම,jailbreak පහසුකම අවශ්‍ය ඇප්ස් run කිරීමත් කල හැකියි.
හැම ඇපල් උපාංගයක්ම එකම විදියටjailbreak කරන්න,unlock කරන්න(ඕනෑම සිම්පතක් භාවිත කරහැකි ලෙස සිම් unlock කිරීම) බැහැ.iOS version එක,device එකේ basebrand version එක ඒකට බලපානවා.

Jailbreak කිරීම් ප්‍රධාන වශයෙන් කොටස් 2 කි.
1. Tethered Jailbreak
2. Untethered Jailbreak




Tethered Jailbreak
මෙම Jailbreak කිරීම යටතේ device එකෙහි kanel එක patch කිරීම පරිගණකය මගින් සිදු කරන අතර.Off කර නැවත On කරන සෑම විටදීම device එක පරිගණකයට සම්බන්ධ කළ යුතුයි.සාමාන්‍යයෙන් මුලින් ම නිකුත් වන්නේ tethered jailbreak එක යි.පසුව Untethered සංස්කරණයක් නිකුත් කරනු ලබනවා.Tethered සිට Untethered කර ගැනීම Cydia තුලින් ඊට අදාළ  Patch එක ( Evasi0n , p0sixspwn ) Install කරගැනීම මඟින් කරගත හැකියි.එසේ නොහැකි වුවොත් නැවත වෙනත් app එකක් මගින් Jailbreak කල යුතුය

Untethered Jailbreak
මෙහි දී device එක boot වෙනකොටම  kanel එක කුඩා app එකක් මඟින් patch කරවනවා.

ඇපල් සමාගම් නිකුත් කරන අලුත් iOS සංස්කරණ jailbreak කිරීමට කාලයක් ගත වෙනවා.මුලින්ම  Tethered Jailbreak නිකුත් කර පසුව තමයි Unthethered Jailbreak එකක් නිකුත් වෙන්නේ
Jailbreak කිරීම සඳහා ලෝකය පුරා විසිර සිටින විවිද developersලා විවිද මෘදුකාංග නොමිලේ නිකුත් කරනවා.එවැනි ප්‍රසිද්ධම app එකක් තමයි redsn0w කියන්නේ.

Jailbreak කිරීම root කිරීමට වඩා අවධානම් සහ අමාරු කාර්යයක්.Jailbreak කිරීම මගින් ඇතිවන ගැටලු සම්බන්ධයෙන් ඇපල් සමාගම වගකියන්නේ නැතිවා සේම Jailbreak කල උපාංග තහනම් කිරීමකට ලක්වේ.ඕනෑම අවස්ථාවක device එක iTunes මගින් Restore කර jailbreak කිරීම ඉවත් කර ගත හැකි වූවත් ඔබගේ උපාංගය factory unlock නොවේ නම් මෙසේ Restore කිරීම මඟින් නැවත ලොක් වේ.

0 comments:

Post a Comment

Leave a comment...