Tuesday, November 11, 2014

Android මෙහෙයුම් පද්දතිය...




Android කියන්නේ google සමාගම මගින් සංවර්ධනය කරන Linux kernelඑක මත පදනම් වූ ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතියක්.මේ මෙහෙයුම් පද්ධතිය ප්‍රධාන වශයෙන් ඉලක්ක කරල තියෙන්නේ touchscreen උපාංග වලටයි.android මුලින්ම නිකුත් කලේ 2008 වර්ෂයේදීයි.android විවෘත්ත කේත (open source) os එකක්.ඒ කියන්නේ ඕනෑම කෙනෙක්ට තමන්ට කැමති විදියට කේත වෙනස් කර මෙහෙයුම් පද්ධතිය තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කරන්න පුළුවන්.මෙය JAVA , C , C++ භාෂා වලින් කේත කර ඇත.2008 සිට මේ වනතුරු android සංස්කරන 12ක් නිකුත් කරලා තියෙනවා..



    Alpha (1.0)
    Beta (1.1)
    Cupcake (1.5)
    Donut (1.6)
    Eclair (2.0–2.1)
    Froyo (2.2–2.2.3)
    Gingerbread (2.3–2.3.7)
    Honeycomb (3.0–3.2.6)
    Ice Cream Sandwich (4.0–4.0.4)
    Jelly Bean (4.1–4.3.1)
    KitKat (4.4–4.4.4)
    Lollipop (5.0)


සාමාන්‍ය දුරකතනයකට os දාන එක ගොඩක් අමාරුයි.එත් android දුරකතනයකට android දාන එක ගොඩක් ලේසි.ඕන වෙන්නේ computer එකකුයි,data cable එකයි, ගැලපෙන rom එකකුයි විතරයි.rom කියන වචනේ තේරුම Read Only Memory වුනාට android rom එකක් කියන්නේ ෆෝන් එකේ  Read Only Memory එකට දැමිය කල හැකි ඇන්ඩ්‍රොයිඩ් os එකේ System Image එකකටයි.rom වර්ග 2ක් තියෙනවා.

1.Stock rom
2.Custom rom

1.Stock rom
දුරකථනය මිලදී ගැනීමේදී තියෙන android සංස්කරණයයි.stockrom එක දුරකථනය නිපදවන සමාගම විසින් එක එක දුරකතන model එකට අවශ්‍ය විදියට වෙනස් කරලා හදපු එකක්.google සමාගමෙන් නිකුත් කරන android version එකේ කිසිම වෙනසක් නොකර දාල තියෙන්නේ google nexus ෆෝන් එකේ විතරයි.අනිත් හැම ෆොන් එකකම තියෙන්නේ අදාළ සමාගම විසින් අදාළ දුරකතනයට අනුකූලව වෙනස් කරපු android version එකක්.

2.Custom rom
android විවෘත්ත කේත (open source) os එකක්නෙ.ඉතින් ලෝකේ පුරා ඉන්න andriod developer ලා එකේ එක දුරකතන model වලට හරි යන විදියට android version වෙනස් කරලා හදනවා.මේවා තමයි custom rom කියන්නේ.stock rom එකක තියෙන අඩුපාඩු මගහැරලා තමයි මේවා හදලා තියෙන්නේ.ඒ වගේම stock rom වල වගේ අනවශ්‍ය apps,විශේෂාංග නැති නිසා භාවිතා කරන මතක ධාරිතාව අඩුයි වගේම os එකේ වේගයත් වැඩියි.ඒ වගේම ගොඩක් custom roms වලට නිරන්තරයෙන් update නිකුත් කරන නිසා සහ e update ලේසියෙන් දාගන්න පුළුවන් නිසා අලුත්ම විශේෂාංග ලබා ගන්න පුළුවන්.ඒ වගේම stockrom නිකුත් කරන්නේ අදාළ සමාගම විසින්නේ.ඉතින් එයාල අලුතෙන්ම එන android version එකක stockrom එකක් නිකුත් කලේ නැත්තන් ඒ දුරකතනයට ඒ version එක නැහැනේ.එත් මේ ෆොන් එකටම අලුත් version එකේ custom rom ගොඩාක් හොයාගන්න පුළුවන්.ඉතින් කවදාවත් දුරකත්තනය නිකුත් නොවෙන version එකක් පාවිච්චි කරන්න හැකියාව ලැබෙනවා custom rom නිසා..

0 comments:

Post a Comment

Leave a comment...