CyanogenMod
ගොඩක් හොද ඒ වගේම ගොඩක් ජනප්‍රිය rom එකක් වන cyanogen mod එකේ අලංකාර themes හා customize කල අලුත් options රැසක් තියෙනවා.මම පාවිච්චි කරපු හොදම rom එක මේක..
ParanoidAndroid
cyanogen mod rom එකට හොද තරගයක් දෙන තවත් හොද rom එකක් තමයි paranoid android කියන්නේ.මේකේ ප්‍රසිද්දම විශේෂාංගයක් වෙන්නේ status bar සහ navigation bar වල පාට වෙනස් කරගන්න පුළුවන් වීම..ඔයාගේ phone එකේ apps run වෙන layout එක වෙනස් කරගන්න පුළුවන් මේ paranoid android වලදී.ඒ කියන්නේ apps full screen වගේම screen size එකට වඩා පොඩියටත් run කරගන්න පුළුවන්.ඒ කියන්නේ windows වල window එකක් පොඩි කරලා screen එකේ ඕනේ තැනක තියනවා වගේ apps ඕනේ ඕනේ තැන්වලට තියාගන්න පුළුවන්
AOKP Custom ROM
AOKP කියන්නේ Android Open Kang Project කියන එකේ කෙටි නම.AOKP වල තියෙන හොදම විශේෂාංගය තමයි තමන්ට ඕනේ විදියට vibrating patterns හදාගන්න පුළුවන් වීම.එකේ තියෙන වාසිය තමා phone ඒක සාක්කුවේ තියෙද්දී vibrate වෙන විදියෙන් pattern එකෙන් call ගන්නේ කව්ද කියලා දැනගන්න පුළුවන් වීම.අනිත් කිසිම rom එකක නැති අමුතුම අංගයක් තමයි මේක.SlimKat
Slimrom , Slimkat , Slimbean කියන නම් තුනෙන්ම එන්නේ මේ rom ඒක තමයි.මේක මාර ගති rom එකක්.සම්පුරෙන්ම කලුපාට background ඒක නිසා අමුතුම ගතියක් ඇවිත් තියෙනවා.simple interface එකක් තියෙන මේ rom එක තමයි update කරගන්න ලේසිම rom එක.ඒ කියන්නේ අලුත් android version එකකට උනත් ආයේ rom නොගහ online ම update කරගන්න පුළුවන්.
PAC-man ROM
Paranoid android , AOKP , Cyanogen mod කියන සුපිරි rom තුනම එකතු කරලා හදපු rom එකක් තමා PAC-man rom කියන්නේ.නම දාල තියෙන්නෙත් අර rom තුනේ මුල් අකුරු අරන්..අර rom තුනේ තියෙන හැම විශේෂාංගයකම මේකේ තියෙනවා...ඒ නිසා තියෙන සුපිරිම rom එකක් කියල කියන්න පුළුවන්
PAC-man Rom Official Site
Carbon ROM
වෙනස්ම විදිහේ rom එකක්.අනිත් rom පාවිච්චි කරලා වෙනසකටත් එක්ක පාවිච්චි කරන්න මරුම rom එකක්.වෙනස්ම විදිහේ user interfaces , වෙනස්ම ලක්ෂණ ටිකක් මේ rom එකේ තියෙන්නේ
Vanilla Rootbox
මේකත් නියම rom එකක්.AOKP සහ Cyanogen mod කියන rom දෙකේ ලක්ෂණ ඇතුලත් කරලා හදපු rom එකක් උනත් මේකටම විතරක් විශේෂ උන ලක්ෂණ ගොඩකුත් මේ rom එකේ තියෙනවා...
0 comments:
Post a Comment
Leave a comment...